ප්‍රීමා සහ සෙරෙන්ඩිබ් සමාගම් විසින් පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ නැංවීමට ගත් පියවරත් සමඟ සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය විසින් පිටි ආශ්රිත කෙටි ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව පරාටා සහ බිත්තර රොටි වැනි කෙටි ආහාරයක මිල රුපියල් 5කින් ද, ඉඳියාප්පයක මිල රුපියල් 1කින් සහ ආප්පයක මිල රුපියල් 2කින් ද වැඩි කර ඇත. මේ අතර, පාන් පිටි මිල වැඩිවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ මධ්‍යම කමිටුව ලබන සඳුදා රැස්වීමට නියමිත අතර, එහිදී පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීම පිළිබඳ අවසාන තීරණයක් ගන්නා බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.



























