වසර 23ක ජාත්‍යන්තර පාපන්දු දිවියට රොනාල්ඩෝ සමුදෙයි

ලොව ප්‍රමුඛතම පාපන්දු ක්‍රීඩකයෙකු වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත. නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර තරග විරාමයෙන් අනතුරුව තමා පෘතුගාල ජාතික කණ්ඩායම නියෝජනය නොකරන බව ඔහු අද (05) නිල වශයෙන් ප්‍රකාශ කළේය.​සිය සමාධ්‍ය ගිණුම් ඔස්සේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, පෘතුගාල ජාතික කණ්ඩායමේ අංක 07 ජර්සිය ඊළඟ පරම්පරාවේ ක්‍රීඩකයෙකුට භාරදීමට සුදුසුම කාලය මෙය බවයි. වසර 23ක් පුරා සිය මාතෘභූමිය නියෝජනය කිරීමට ලැබීම තමන් ලැබූ මහා වරප්‍රසාදයක් මෙන්ම වගකීමක් වූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.​2003 වසරේදී ජාත්‍යන්තර පාපන්දු දිවිය ඇරඹූ රොනාල්ඩෝ, පෘතුගාලය වෙනුවෙන් තරග 234කට ක්‍රීඩා කර ගෝල 146ක් රැස්කර ඇත. ඒ අනුව පිරිමි පාපන්දු ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර තරග ගණනකට ක්‍රීඩා කළ සහ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා ලෙස ඔහු ලෝක වාර්තා තබා තිබේ. 2016 යුරෝපා ශූරතාව මෙන්ම 2019 සහ 2025 ජාතීන්ගේ ලීග් ශූරතා පෘතුගාලයට දිනාදීමට ඔහු පුරෝගාමී විය. කෙසේ වෙතත්, වෘත්තීය සමාජ පාපන්දු ක්‍රීඩාවෙන් (Club Football) සමුගැනීම පිළිබඳව ඔහු මෙහිදී කිසිවක් සඳහන් කර නැත.

What's your reaction?

Related Posts

1 of 1,051

Leave A Reply

Your email address will not be published. Required fields are marked *