පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේ සිදුකළ වැටලීමකදී, මත්ද්‍රව්‍ය සහ විදේශීය දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. විශ්වවිද්‍යාලයේ විනය ආරක්ෂක අංශය විසින් මෙම වැටලීම සිදුකර තිබෙන අතර, සොයාගත් භාණ්ඩ අතර හෂීස් මත්ද්‍රව්‍ය සහ විදේශීය දුම්වැටි 40ක් තිබූ බව වාර්තා වේ.​සැකකාර සිසුන් දෙදෙනා සහ ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත. විශ්වවිද්‍යාල විනය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගත් අදාළ සිසුන් පසුව පොලිසිය වෙත භාර දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,156

Leave A Reply

Your email address will not be published. Required fields are marked *