පේරු රාජ්‍යයට රික්ටර් මාපකයේ 6.7ක භූ කම්පනයක්

පේරු රාජ්‍යයේ මධ්‍යම අන්දීස් කඳුකර කලාපයේ රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන තිබේ. එරට භූ භෞතික විද්‍යා ආයතනය පවසන පරිදි, නොවැම්බර් 20 වැනිදා පස්වරු 7.09ට පමණ ජුනින් නගරයට කිලෝමීටර් 30ක් වයඹ දෙසින් පිහිටි ප්‍රදේශයක් කේන්ද්‍ර කරගනිමින් කිලෝමීටර් 129ක් ගැඹුරින් මෙම කම්පනය සිදුව ඇත.​කම්පනයේ බලපෑම අගනුවර වන ලීමා නගරයටද තදින් දැනී ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ජනතාව ආරක්ෂාව පතා ගොඩනැගිලිවලින් පිටතට පැමිණි බව වාර්තා වේ. සුළු දේපළ හානි සහ එක් පුද්ගලයකු තුවාල ලැබීමක් හැර බරපතළ හානි හෝ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර, සුනාමි අවදානමක් ද නොමැති බව ඇමෙරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය තහවුරු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,054

Leave A Reply

Your email address will not be published. Required fields are marked *