දශකයක විරාමයකින් පසු බ්රිතාන්යයේ ප්රමුඛතම ගුවන් සේවයක් වන බ්රිටිෂ් එයාර්වේස් (British Airways) සමාගම යළිත් ශ්රී ලංකාව වෙත සිය ගුවන් ගමන් ආරම්භ කර ඇත. ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපළේ සිට පැමිණි BA2045 දරන මංගල ගුවන් යානය අද (24) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය.සතියකට තෙවරක් ක්රියාත්මක කිරීමට නියමිත මෙම නව ගුවන් සේවාව හරහා ශ්රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වේ. විශේෂයෙන්ම එක්සත් රාජධානිය ශ්රී ලංකාවේ ප්රධාන සංචාරක වෙළෙඳපොළක් වන බැවින්, මෙම පියවර රටේ සංචාරක කර්මාන්තයේ ප්රගමනයට මෙන්ම දෙරට අතර ව්යාපාරික සබඳතා වර්ධනයට ද මහත් පිටුවහලක් වනු ඇත.



























