බ්ලූමැන්ඩල්හි වෙඩි තැබීමක්.. පුද්ගලයෙකුට තුවාල

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ, තුවාල ලැබූ 41 හැවිරිදි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙළෙඳසැලක් අසලදී එම වෙඩි තැබීම සිදුකර තිබේ.

පොලිසිය සැක පළ කරන්නේ, රෝවෝල්වර වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි.

What's your reaction?

Related Posts

1 of 1,250

Leave A Reply

Your email address will not be published. Required fields are marked *