ලග්ගල පොලිස් වසමට අයත් තෝරපිටිය හන්දිය ප්‍රදේශයේදී ඊයේ (10) සිදු වූ තියුණු ආයුධ ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියගොස් ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මා ඔය, ගම්මාන 01 හි පදිංචිව සිටි 78 හැදි අයෙකි.පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා සහ ඔහුගේ බෑනා අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම අපරාධය සිදුව ඇති බවයි. බෑනා විසින් එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහු එම ස්ථානගතව වැටී සිට තිබේ.පසුව පොලිස් නිලධාරීන් විසින් ඔහුව රෝහල්ගත කිරීමට කටයුතු කළද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ. සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති සැකකාර බෑනා අත්අඩංගුවට ගැනීම සඳහා ලග්ගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



























