දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. හෙරොයින්, ගංජා මෙන්ම විදේශීය නිෂ්පාදිත සිගරට් ද ලඟ තබාගැනීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ 26 හැවිරිදි මෙම නිලධාරියා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවයි.අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරියා ඉදිරියේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග අදාළ අංශ විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

























