මධ්‍යම සංස්කෘතික අරමුදලේ අරමුණු ඉටුකිරීම ඇරඹේ – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සිදුකෙරෙන සංවර්ධන කටයුතු නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් රටේ උරුමයන් ආරක්ෂා කිරීමට විශාල දායකත්වයක් ලබාගත හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ උඩුනුවර, ගල්ලැන්ගොල්ල පොත්ගුල් මූලමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළේය. එම විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු සඳහා පමණක් මධ්‍යම සංස්කෘතික අරමුදලින් රුපියල් මිලියන 185ක් වෙන් කර ඇති බව ඇය සඳහන් කළාය.​රජයේ අරමුදල් මහා භාණ්ඩාගාරයේ රඳවා ගැනීමට පමණක් නොව, ඒවා විනිවිදභාවයෙන් යුතුව ජනතාවගේ සුබසාධනය සඳහා යොදවන බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. දිට්වා ආපදාව හේතුවෙන් නිවාස අහිමි වූවන් වෙනුවෙන් මිලියන 500ක් වෙන් කර ඇති අතර, ණය ලබාගැනීමකින් තොරව නිවාස 15,000ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. ජාතික උරුමයන් සහ සංස්කෘතික මධ්‍යස්ථාන සුරැකීම රටේ සමස්ත සංවර්ධන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය කොටසක් බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.​මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ, ආපදාවට ලක්වූ ප්‍රධාන ආගමික ස්ථාන 7ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලින් රුපියල් මිලියන 504ක් වෙන් කර ඇති බවයි. ඉන් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ගල්ලැන්ගොල්ල විහාරස්ථානය වෙනුවෙන් වෙන් කර ඇති බවත්, එම මුදල් සියල්ල මධ්‍යම සංස්කෘතික අරමුදලේම ප්‍රතිපාදන බවත් ඔහු තහවුරු කළේය.

What's your reaction?

Related Posts

1 of 1,197

Leave A Reply

Your email address will not be published. Required fields are marked *