මනූෂට එරෙහි විමර්ශන අවසන් – නඩුව දෙසැම්බර් 18 ට කැඳවයි

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට එරෙහිව පවත්වන ලද විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් දන්වා තිබේ.​පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යොමු කිරීමේ ක්‍රියාවලියකදී සිදු වූ බව කියන අක්‍රමිකතා සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක විය. අදාළ විමර්ශන ගොනු මේ වන විටත් අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් වෙත ඉදිරිපත් කර ඇති බව එහි නිලධාරීන් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.​මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීම මෙම දැනුම්දීම සිදු කෙරිණි. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මනූෂ නානායක්කාර මහතා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර වාර්තා කිරීම සඳහා නඩුව යළි දෙසැම්බර් මස 18 වන දින කැඳවීමට නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,306

Leave A Reply

Your email address will not be published. Required fields are marked *