කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය අද (12) පෙරවරු 9.30 ට ආරම්භ විය. අද දිනට නියමිත සභා කටයුතු කාලසටහනට අනුව, පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග යටතේ වන මූලික පාර්ලිමේන්තු කටයුතු වෙනුවෙන් වෙන් කර ඇත. ඉන් අනතුරුව පෙරවරු 11.30 දක්වා වූ කාලය මන්ත්‍රීවරුන් විසින් යොමු කරන වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න සහ ස්ථාවර නියෝග 27(2) යටතේ ඉදිරිපත් කෙරෙන හදිසි ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අද දින විවාදයට ගැනීමට නියමිත ප්‍රධාන යෝජනා අතර ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ වන රීති මෙන්ම රුපියල් බිලියන 20ක පරිපූරක ඇස්තමේන්තුව ප්‍රධාන තැනක් ගනී. මෙම කරුණු පිළිබඳ විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වීමට නියමිත අතර, ඉන්පසුව ඒවා සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.මේ අතර, පසුගිය මැයි මස 20 වනදා ආරම්භ කරන ලද, 2025 වර්ෂයට අදාළ මහ බැංකු වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද පස්වරු 2.30 සිට 5.30 දක්වා තවදුරටත් ඉදිරියට පැවැත්වීමට කටයුතු යොදා ඇත.



























