මාතෘ සහ මුල් ළමාවිය පෝෂණ සේවා ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරුව උද්ගත වූ ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් මෙරට අවදානමට ලක්විය හැකි සමාජ ස්ථරයන්හි පෝෂණ මට්ටම පහළ වැටී ඇති බවට අනාවරණය වී තිබේ. විශේෂයෙන්ම දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් තුළ මෙම තත්ත්වය බරපතල ගැටලුවක් බවට පත්ව ඇති බැවින්, ඒ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාව මතුවී ඇත.​ඒ අනුව, නුවරඑළිය, රත්නපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන් මුල් කරගනිමින් මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙමඟින් එම ප්‍රදේශවල වෙසෙන ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන් මෙන්ම වයස අවුරුදු පහට අඩු කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් ප්‍රජා පාදක පෝෂණ සේවා සහ සහන පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.​ලෝක බැංකු සමූහයට අයත් ජපන් සමාජ සංවර්ධන අරමුදල මඟින් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 2.73ක ප්‍රදාන ආධාර යටතේ වසර තුනක කාලයක් පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇත. අදාළ යෝජනාව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර, එය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,280

Leave A Reply

Your email address will not be published. Required fields are marked *