ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මැයි මාසය සඳහා තමන් වෙත ලබා දී තිබූ මූල්‍ය ඉලක්කයන් මාසය අවසන් වීමටත් ප්‍රථම සාර්ථකව ජයගෙන තිබේ. මෙවර මැයි මාසය වෙනුවෙන් රේගුව වෙත නියම කර තිබූ ආදායම් ඉලක්කය රුපියල් මිලියන 187,801ක් වුවද, ආයතනයේ කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය හේතුවෙන් ඉතා කෙටි කලකින් එය සපුරා ගැනීමට ඔවුන්ට හැකි වී ඇත.ඒ අනුව, මැයි මාසයේ පළමු දින 25 ඇතුළත පමණක් රුපියල් මිලියන 190,947ක ආදායමක් උපයා ගැනීමට රේගු දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. කාලසීමාව අවසන් වීමට පෙරම මෙලෙස නියමිත ඉලක්කය ඉක්මවා යාමට හැකි වීම, මෙරට රේගු ආදායම් කළමනාකරණ ක්‍රියාවලියේ සහ බදු එකතු කිරීමේ යාන්ත්‍රණයේ පවතින සාර්ථකත්වය මෙන්ම ඉහළ කාර්යක්ෂමතාව මැනවින් පෙන්නුම් කරන්නකි.



























