“මිතුරු පුරවර” ජාතික වැඩපිළිවෙළ යටතේ දිවයිනේ තෝරාගත් නගර 25ක් කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. රජය විසින් ක්‍රියාත්මක කරන මෙම විශේෂ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් නිල වශයෙන් කරුණු අනාවරණය කර ඇත.මෙම යෝජිත සංවර්ධන ව්‍යාපෘති සියල්ලම ජනතා අයිතියට පත් කිරීමේ අරමුණින්, වත්මන් වර්ෂය අවසන් වීමට පෙර සම්පූර්ණයෙන් නිම කිරීමට නියමිතව පවතී. යටිතල පහසුකම් නංවාලමින් නගර නවීකරණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.



























