කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු තීරයන්හි සුළගේ වේගය පැයට කිලෝමීටර 50ත් 60ත් අතර අගයකට ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තත්ත්වය නිසා අදාළ සමුද්‍රීය කලාප ඉදිරි පැය කිහිපය තුළ විටින් විට රළු වීමටද ඉඩ ඇත.මීට අමතරව, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයන්හි රළ පහරේ උස මීටර් 2.0ත් 2.5ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බවද වාර්තා වේ.එම නිසා, මුහුදු යන ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් විසින් දැඩි ලෙස ඉල්ලා සිටියි.



























