මෙල්බන්හි පදිංචි කාන්තාවක් මුල්‍ය වංචාවකට හසු වීමට ගිය අවස්ථාවේ දී ඇය එයින් මුදා ගැනීමට ශ්‍රී ලාංකික බැංකු නිලධාරියෙකුට හැකි වී තිබෙනවා.
මෙම කාන්තාව මෙම මුල්‍ය වංචාවකට හසුකර ගැනීමට ගොස් ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ හමු වූ පෙම්වතා බව කියන පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.
පෙම්වතාට ඩොලර් 2000ක් යැවීමට කටයුතු කර ඇති අතර, ඔහුගේ ගිණුම අත්හිටුවා තිබිම හේතුවෙන් එම බැංකුවේ පාරිභෝගික උපදේශක නිලධාරියා ලෙසට සිටි ශ්‍රී ලංකික පුද්ගලයා මේ පිළිබඳව තොරතුරු සොයා බලා තිබෙනවා.
පෙම්වතා කවුදවත් යන්න ඇය නොදැන සිට ඇති අතර, කිසි විටෙකත් ඔහුව මුණ ගැසී නොමැති බවයි වාර්තා වන්නේ.

























