යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක

යාපනය ප්‍රදේශයේ වායු ගුණාත්මක දර්ශකය (AQI) 200 සීමාව ඉක්මවා යාමත් සමඟ උතුරු පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු දූෂණ මට්ටම ඉහළ ගොස් තිබේ. අද (19) උදෑසන 7.05ට නිකුත් කළ දත්තවලට අනුව බත්තරමුල්ල (179), හලාවත (165), කිලිනොච්චිය (158), අනුරාධපුරය (158) සහ ත්‍රිකුණාමලය (151) යන ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.​මෙම තත්ත්වය ශ්වසන රෝග සහ අසාත්මිකතා ඇති පුද්ගලයින්ට සෘජු බලපෑම් එල්ල කළ හැකි බැවින්, අදාළ ප්‍රදේශවල සංවේදී පුද්ගලයින්ට KN 95 වර්ගයේ මුඛ ආවරණ පැළඳීමටත්, අනවශ්‍ය ලෙස එළිමහනේ ගැවසීමෙන් වැළකීමටත් සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත.​පවතින වායු ගුණාත්මක තත්ත්වය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය සහ සෞඛ්‍ය අංශ අඛණ්ඩව නිරීක්ෂණය කරමින් මහජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු අවදානම් කලාපවල ජනතාව පූර්ව ආරක්ෂණ පියවර අනුගමනය කිරීම වැදගත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,430

Leave A Reply

Your email address will not be published. Required fields are marked *