හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති දූෂණ නඩුවක් කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවා තිබේ. මේ වන විටත් ඇප මත මුදා හැර සිටින අදාළ විත්තිකරුවන් දෙදෙනාම නඩු අවස්ථාව සඳහා අධිකරණය හමුවේ පෙනී සිටියහ.මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරුන්, මෙම නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් ලෙස පවත්වන මෙන් නියෝග කර ඇත. විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාට නිසි සුදුසුකම් නොමැති වුවද, ඔහු බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලය වෙත පුහුණුවක් සඳහා යැවීම මගින් දූෂණය නමැති වරද සිදු කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබේ.



























