රන් භාණ්ඩ හා වාහන ණය රෙගුලාසි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැඩි කෙරේ

​ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රන් භාණ්ඩ ඇපයට තබා ලබා ගන්නා උකස් ණය සහ වාහන ණය සඳහා නව රෙගුලාසි මාලාවක් අද (25) සිට ක්‍රියාත්මක කර තිබේ. මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීම සහ බැංකු මෙන්ම මූල්‍ය ආයතන වඩාත් වගකීමෙන් යුතුව ණය නිකුත් කිරීම දිරිගැන්වීම මෙම නව පියවරේ අරමුණයි. මෙම නීති අද දිනයේ සිට ලබා ගන්නා නව ණය සඳහා මෙන්ම, අදින් පසු අලුත් කරනු ලබන පවතින ණය සඳහා ද බලාත්මක වනු ඇත.​නව රෙගුලාසි අනුව, රන් භාණ්ඩ උකස් කිරීමේදී ලබා ගත හැකි උපරිම ණය මුදල එම භාණ්ඩයේ වටිනාකමෙන් 70%ක් දක්වා සීමා කර ඇත. මීට අමතරව, වාහන ණය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී ද සැලකිය යුතු වෙනස්කම් සිදු කර ඇති අතර, වාහනයක් මිලදී ගැනීම සඳහා ලබා දෙන උපරිම ණය සීමාව 10%ක ප්‍රතිශතයකින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.​ඒ අනුව, වාණිජ වාහන සඳහා ලබා දෙන ණය ප්‍රතිශතය මින් පෙර පැවති 70%ක මට්ටමේ සිට 60% දක්වා අඩු කර ඇති අතර, පෞද්ගලික වාහන සඳහා ලබා දෙන ණය ප්‍රතිශතය 50%ක සිට 40% දක්වා අඩු කර ඇත. මෙම නව සීමාවන් ඔස්සේ ණය ලබා දීමේ ක්‍රමවේදය වඩාත් විධිමත් කිරීම මහ බැංකුවේ අපේක්ෂාවයි.

What's your reaction?

Related Posts

1 of 1,157

Leave A Reply

Your email address will not be published. Required fields are marked *