රාජ්‍ය දැව සංස්ථාවේ පුරප්පාඩු 54ක් අගෝස්තු 31 දින පිරවේ

රජයේ දැව සංස්ථාවේ දිගුකාලීනව පවතින මානව සම්පත් හිඟයට විසඳුමක් ලෙස නව පත්වීම් 54ක් ලබාදීමට පියවර ගෙන තිබේ. සංස්ථාවේ වසර ගණනාවක් තිස්සේ නොවිසඳී තිබූ ආයතනික තනතුරු 10ක් සඳහා මෙම පුරප්පාඩු පිරවීම සිදුකෙරේ.අදාළ නව පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය ලබන අගෝස්තු 31 වන දින රාජ්‍ය දැව සංස්ථාවේ ‘සප්ත පරිසර මණ්ඩපයේදී’ පැවැත්වීමට නියමිතය. රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් කාර්යක්ෂම සහ ජනතා හිතෛෂී සේවාවක් බවට පත් කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.නව පත්වීම්ලාභීන්ගේ දායකත්වය හරහා රාජ්‍ය සම්පත් කළමනාකරණය විධිමත් කිරීමත්, පරිසර හිතකාමී සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමත් අපේක්ෂිතය. එමඟින් රාජ්‍ය දැව සංස්ථාව වඩාත් ශක්තිමත් සහ නවීන ආයතනයක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,307

Leave A Reply

Your email address will not be published. Required fields are marked *