2016 සිට 2020 දක්වා කාලය තුළ පැහැර හැර ඇති රුපියල් කෝටි 104ක වැට් (VAT) බදු මුදල් කඩිනමින් ගෙවා නිම කිරීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාව අද (25) කොළඹ අතිරේක මහේස්ත්රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා හමුවේ දැනුම් දුන්නේය. දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් හිඟ බදු අය කරගැනීමේ නියෝගයක් ඉල්ලා ගොනු කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී නගර සභා නීතිඥවරුන් මෙම එකඟතාව පළ කළහ.නඩුවේදී නගර සභාව වෙනුවෙන් පෙනී සිටි ගණකාධිකාරී සුගත් ධර්මසූරිය මහතා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය. එමෙන්ම ඔහුට ස්ථාන මාරුවක් ලබා දීමට හෝ විදේශගත වීමට පෙර අධිකරණ අවසරය ලබාගත යුතු බවද නියම කෙරිණි.හිඟ බදු ගෙවීම කඩිනම් කරන ලෙස නියෝග කළ අතිරේක මහේස්ත්රාත්වරයා, බදු ගෙවීම සම්බන්ධ සමථය පිළිබඳ කරුණු ලබන වසරේ මාර්තු 24 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.



























