රුමේෂ් තරංග ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමෙන් රන් පදක්කම දිනා ගනී

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ අවසන් තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ. එහිදී ඔහු මීටර් 88.55ක දුරක් වාර්තා කරමින් තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.​ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම තියුණු තරගයේදී, මෙරට වේලාවෙන් අද (28) පස්වරු 4.45ට පමණ තරග බිමට පිවිසි රුමේෂ්, සිය උපරිම දක්ෂතා අතරට පිවිසෙමින් මෙම අභියෝගය ජය ගත්තේය.​මෙම ඉසව්වේ දෙවන ස්ථානය ඉන්දියාවේ සිං යෂ්වීර් (Singh Yashvir) වෙත හිමි වූ අතර, ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 85.72කි. ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය ඉදිරියේ ඔසවා තැබීමට රුමේෂ් තරංග දැක්වූ මෙම දක්ෂතාව මේ වන විටත් ක්‍රීඩා ලෝකය අතර දැඩි කතාබහට ලක්ව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,369

Leave A Reply

Your email address will not be published. Required fields are marked *