රුවන්වැලි සෑ පරිශ්‍රයේ නොසන්සුන්තාවක් – බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන්නමක් පොලිස් භාරයට

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස මාරාන්තික උපවාසයක නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන්නමක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ. පුදබිම් පරිශ්‍රයේ හටගත් නොසන්සුන්කාරී වාතාවරණය පාලනය කිරීම සඳහා පොලීසිය මෙම පියවර ගෙන ඇත.​අද (12) පෙරවරුවේ සත්‍යග්‍රහ භූමියට පැමිණි රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇතුළු පිරිසක් සහ උපවාසයේ නිරතව සිටි පාර්ශ්වය අතර දැඩි බහින්බස්වීමක් හා ගැටුමක් හටගෙන තිබේ. එම ගැටුම අතරතුර රාජාංගනයේ සද්ධාරතන හිමියන්ට පහරදීමක් සිදුව ඇති අතර උන්වහන්සේගේ සිවුර ගැලවී යාමේ සිදුවීමක් ද වාර්තා විය.​ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා වහාම මැදිහත් වූ පොලීසිය, උපවාසයේ නිරතව සිටි භික්ෂූන් වහන්සේලා පොලිස් භාරයට ගැනීමත් සමඟ ගැටුම්කාරී තත්ත්වය සමථයකට පත්විය. මේ වන විට රුවන්වැලි සෑ පරිශ්‍රයේ ආරක්ෂාව තර කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

What's your reaction?

Related Posts

1 of 1,419

Leave A Reply

Your email address will not be published. Required fields are marked *