ලංකාවේ ඩෙංගු රෝගීන් 81,000 පනී – මරණ 61ක්

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. රෝගය ව්‍යාප්ත වීමත් සමඟ මේ දක්වා සිදුවී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාවද 61ක් ලෙස සටහන් වේ.​වාර්තාවලට අනුව ජූලි මාසය තුළදී පමණක් රෝගීන් 26,136 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එය වසරේ මාසයක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි. ජූනි සහ ජූලි යන මාස දෙක ඇතුළත පමණක් ඩෙංගු ආසාදිතයන් 47,670ක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.​පළාත් මට්ටමින් සැලකීමේදී වැඩිම අවදානමක් සහ රෝගීන් වාර්තාවීමක් බස්නාහිර පළාතෙන් සටහන් වන අතර, එම සංඛ්‍යාව 43,132ක් ලෙස දැක්වේ. වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙස බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

What's your reaction?

Related Posts

1 of 1,254

Leave A Reply

Your email address will not be published. Required fields are marked *