ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ගෙන් මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය සැමරේ

ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද දින විවිධ ආගමික වතාවත් සහ වැඩසටහන් සඳහා මහත් උනන්දුවෙන් එක්ව සිටිති. මිනිස් සමාජයේ අභිවෘද්ධිය උදෙසා උන්වහන්සේගේ ජීවිත කාලය තුළ සිදු කරන ලද කැපකිරීම් අතිමහත්ය.​අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කර ගැනීම, සහෝදරත්වයෙන් ජීවත් වීම, එකිනෙකාට අත්වැලක් වීම සහ සමාජයේ සාධාරණත්වය තහවුරු කිරීම නබිතුමන්ගේ ප්‍රධාන ඉගැන්වීම් අතර වෙයි.​මානව සමාජය ගුණගරුක බවින්, ඥානාන්විත භාවයෙන් හා අවිහිංසාවාදී ප්‍රතිපත්තිවලින් පෝෂණය කළ යුතුය යන්න උන්වහන්සේගේ මූලික දර්ශනය විය.

What's your reaction?

Related Posts

1 of 954

Leave A Reply

Your email address will not be published. Required fields are marked *