වමට සහ දකුණට එහා ගිය මැද මාවතක් – සජිත් ප්‍රේමදාස

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඇය වාමාංශික දේශපාලන මතවාද අනුගමනය කළ අයකු බව සිහිපත් කළේය. පොළොන්නරුව ඇලැහැර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති පිංකමකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, වමාංශික මෙන්ම දක්ෂිණාංශික දේශපාලන සංකල්පවල පවතින යහපත් ලක්ෂණ එකතු කර ගනිමින් මැද මාවතේ ගමන් කිරීමට සමගි ජන බලවේගය නිරන්තරයෙන් කටයුතු කරන බවයි.​එම අවස්ථාවේදී වත්මන් රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළ විපක්ෂ නායකවරයා, ගොවීන්ට ලබා දුන් මැතිවරණ පොරොන්දු නිසි පරිදි ඉටු වී නොමැති බව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම, වී කිලෝවක් සඳහා රුපියල් 150ක මිලක් ලබා දෙන බව පැවසුවද, වර්තමානයේ ගොවීන්ට ලැබෙන්නේ රුපියල් 120ක සහතික මිලක් පමණක් බව ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.​මීට අමතරව, ඉදිරියේදී බලපෑ හැකි එල්නීනෝ සහ ලානීනා වැනි අයහපත් කාලගුණික තත්ත්වයන් මෙන්ම ගෝලීය අර්බුද හමුවේ ජනතාව මුහුණ දෙන අභියෝග ජය ගැනීමට පක්ෂ දේශපාලනයෙන් තොරව ජාතික මට්ටමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,296

Leave A Reply

Your email address will not be published. Required fields are marked *