වසරේ සංචාරකයින් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීමට ඉලක්කයක්

මෙම වසර තුළ විදෙස් සංචාරකයින් ලක්ෂ විසිපහක (25) පිරිසක් දිවයිනට ගෙන්වා ගැනීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට නියමිතව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කරයි. ජාත්‍යන්තර මට්ටමින් මෙරට සංචාරක ගමනාන්තයක් ලෙස ලැබී ඇති ඉහළ පිළිගැනීම මත පදනම්ව මෙම ඉලක්කය වෙත ළඟා වීමට අපේක්ෂා කෙරේ.​නව සංචාරක කලාප බිහි කිරීම මෙන්ම දැනට පවතින ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වන විට වේගයෙන් ක්‍රියාත්මක වේ. මේ හරහා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.​මෙම වසරේ ගත වූ කාලය තුළ විදෙස් සංචාරකයින් 1,285,303ක් මෙරටට පැමිණ ඇත. මීට අමතරව, ජූනි මාසයේ වාර්තා වූ සංචාරක පැමිණීම් 124,551ක සංඛ්‍යාව ඊළඟ මාසය වන විට 138,730ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම ප්‍රවණතාව මත වසර අවසානය වන විට අපේක්ෂිත ඉලක්කය සපුරා ගත හැකි වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,253

Leave A Reply

Your email address will not be published. Required fields are marked *