දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වානුවාටු දූපත් රාජ්යය ආසන්න මුහුදු තීරයේ රිච්ටර් මාපකයේ 7.2 ක ප්රබලතාවයකින් යුත් භූමිකම්පාවක් සිදුවී තිබේ.මෙම ප්රබල භූචලනයත් සමඟ පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින් අදාළ කලාපයට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.කෙසේ වෙතත්, මෙම භූමිකම්පාව හේතුවෙන් මෙතෙක් ජීවිත හානි හෝ දේපළ හානි සිදුව ඇති බවට වාර්තා වී නොමැත.



























