පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරගැනීමේ ඉල්ලීම වෙනුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.තමන් මුහුණ දුන් හෘද සැත්කමෙන් පසු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුව බලා යෑමට අවසර දෙන ලෙස හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි. මෙම ඉල්ලීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ඊළඟ දිනයේ ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



























