පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි අධිකරණ නියෝගයක් සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 12 වැනි දින විමල් වීරවංශ කළ ප්‍රකාශයක් මඟින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.ඒ සඳහා අදාළ වීඩියෝ දර්ශන ඇතුළත් සී.ඩී. පටයක් ද අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මේ පිළිබඳව විමර්ශනයක් සිදුකර වාර්තා කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර ඇත. මේ අතර මූල්‍ය අක්‍රමිකතා සිද්ධියකට අදාළව නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.



























