විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් හෙට සංකේත වැඩවර්ජනයක

කප්පාදු කරන ලද වැටුප්, අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා යළි ලබා දෙන ලෙස රජයට බල කරමින්, හෙට (25) දිවයින පුරා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ. 2025 අයවැයෙන් අහිමි කළ මෙම වරප්‍රසාද සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් හෝ ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම කමිටුව සඳහන් කරයි.​පසුගිය නොවැම්බර් 18 වැනිදා ද ඔවුන් මෙවැනිම වර්ජනයක නිරත වූ නමුත් ඊට නිසි විසඳුම් නොලැබීම නිසා යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වීමට සිදුව ඇත. මේ අතර, 2027 අයවැයෙන් තමන්ට ප්‍රමාණවත් සහන නොලැබුණු බව පවසමින් ගුරු වෘත්තීය සමිති රැසක් ද එළඹෙන නොවැම්බර් 30 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වෙමින් සිටී.

What's your reaction?

Related Posts

1 of 1,438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *