විහාරමහාදේවී උද්‍යානය ආශ්‍රිත විරෝධතාවලට අධිකරණයෙන් වාරණ නියෝගයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවී උද්‍යානය ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරය පාලනය කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් විශේෂ අණක් නිකුත් කර තිබේ. කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම නියෝගය ලබා දී ඇති අතර, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සංවිධායකයින්ට සහ සිවිල් ක්‍රියාකාරීන්ට මෙය අදාළ වේ.​මෙම නියෝගයට අනුව විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රය, ඇවිදින මංතීරු, එෆ්.ආර්. සේනානායක මාවත, ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, ධර්මපාල මාවත සහ මල් පාර ඇතුළු ප්‍රධාන මාර්ග කිහිපයක් අවහිර කිරීම පූර්ණ ලෙස තහනම් කර ඇත. එසේම මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට රැඳී සිටීම සහ පොදු දේපළවලට හානි සිදුකිරීම ද වළක්වා තිබේ.​අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(1) වගන්තිය යටතේ නිකුත් කරන ලද මෙම නියෝගය කඩකරන්නන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානමින් සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,391

Leave A Reply

Your email address will not be published. Required fields are marked *