රජය මගින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීමේ අරමුණින්, වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පත් කර වෙළෙඳපොළට මුදා හැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. පසුගියදා පැවති ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටු රැස්වීමේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම සහ වෙළෙඳ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලැබී ඇත.මෙම ව්‍යාපෘතිය යටතේ වී අලෙවි මණ්ඩලය සතු මෙට්‍රික්ටොන් 30,000ක වී තොගයක් සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා සහල් බවට පරිවර්තනය කිරීමට නියමිතය. ඒ සඳහා ලියාපදිංචි මෝල් හිමියන්ගෙන් අභිලාස කැඳවන අතර, කිලෝග්‍රෑම් 5 සිට 50 දක්වා විවිධ ඇසුරුම්වලින් මෙම සහල් සැකසෙනු ඇත. අදාළ පරිවර්තන අනුපාතය සහ සුදුසු මිල තීරණය කිරීම සඳහා විශේෂ නිලධාරී කමිටුවක්ද පත් කර තිබේ.නිෂ්පාදනය කරනු ලබන මෙම සහල් තොග සීමාසහිත ලංකා සතොස, සමූපකාර ජාලය මෙන්ම සෙසු පුද්ගලික පාර්ශ්වයන් හරහා පාරිභෝගිකයන් වෙත නිකුත් කිරීමට පියවර ගැනේ. මෙමඟින් වෙළෙඳපොළ තුළ සහල් සැපයුම ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කෙරේ.



























