අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීමේ චෝදනාවට වැරදිකරු වී සිරදඬුවම් නියම වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩුව ඔක්තෝබර් 12 වන දින යළි කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, දැනට සිරදඬුවම් මත සිටියදී ඇප මත මුදාහැර සිටින ශෂී වීරවංශ මහත්මියද අධිකරණයේ පෙනී සිටියාය.



























