ශ්‍රී දළදා වහන්සේ උදෙසා ආදිවාසී ජනතාව වාර්ෂිකව සිදුකරනු ලබන සම්ප්‍රදායික මීපැණි පූජාව මහනුවර ශ්‍රී දළදා මාලිගයේ දී පුරාණ චාරිත්‍රවලට මුල්තැන දෙමින් ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.සම්ප්‍රදායට අනුව පළමු රන්දෝලි පෙරහැර වීථි සංචාරය කරන දින පෙරවරුවේ මෙම පූජාව සිදුකරනු ලබන අතර, ඒ සඳහා ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් සහභාගී වූහ.මෙම පූජා චාරිත්‍රය අවසන් වීමෙන් අනතුරුව, ආදිවාසීන් විසින් සිදුකරන ලද මෙම සත්කාරයට කෘතගුණ සැලකීමේ සංකේතයක් ලෙස දියවඩන නිලමේවරයා විසින් එම පිරිස වෙත විශේෂ ත්‍යාග ප්‍රදානයක් ද සිදු කරන ලදී.



























