ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක යළි පත්වෙයි

​ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා යළිත් වරක් පත් කර තිබේ. මීට පෙර ද ඔහු මෙම ධුරයේ සාර්ථකව සේවය කර ඇති අතර, කණ්ඩායම පිළිබඳ මනා අවබෝධයක් ඇති අත්දැකීම් බහුල පුහුණුකරුවෙකි.​මෙම තස්තයට පත් වීමට ප්‍රථම එම ධුරයේ කටයුතු කළ ඕස්ට්‍රේලියානු ජාතික ජෙමී සිඩන්ස් පෞද්ගලික හේතු මත සිය කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වීමට තීරණය කර ඇත. ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහුගේ ඉවත්වීමෙන් හිස් වූ පුරප්පාඩුව සඳහා රුමේෂ් රත්නායක මහතාගේ සේවය යළි ලබා ගැනීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කළ බවයි.​නව පුහුණුකරු යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා සූදානම් වීමට නියමිතය. ඔහුගේ මඟපෙන්වීම යටතේ කණ්ඩායමේ දස්කම් තවදුරටත් වර්ධනය කරගත හැකි වනු ඇතැයි ක්‍රිකට් ක්ෂේත්‍රය අපේක්ෂා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,404

Leave A Reply

Your email address will not be published. Required fields are marked *