ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය මහනුවරදී අභිනවයෙන් සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද ප්‍රධාන බෞද්ධ ආගමික පූජෝත්සවය පසුගිය ඔක්තෝබර් 22 සහ 23 යන දිනවල මහනුවර ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කරගනිමින් ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ක්‍රීෂාන්ති එදිරිසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම් මාලාව ක්‍රියාත්මක විය.​ප්‍රථම දින වැඩසටහන යටතේ ගුවන් හමුදාපතිතුමන් මල්වතු සහ අස්ගිරි මහා විහාර වෙත ගොස් උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත් අතර, අනතුරුව ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණ විශේෂ ගිලන්පස පූජාවක් පවත්වා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද හමු විය. දෙවන දිනට සමගාමීව මහා සංඝරත්නය 75 නමක් උදෙසා අෂ්ටපරිෂ්කාර සහිත සාංඝික දානමය පින්කමක් සංවිධානය කර තිබිණි.​මෙහිදී මාතෘභූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර ගුවන් හමුදා රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම මෙන්ම සක්‍රිය සේවයේ නියුතු නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආශීර්වාද එක් කිරීම ද සිදු කෙරිණි. එසේම, දළදා මාලිගා ආරක්ෂාවට යොදවා ඇති ගුවන් හමුදා ගිනි නිවාරණ අංශයේ උපකරණ හා රථ වාහන ද ගුවන් හමුදාපතිවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.

What's your reaction?

Related Posts

1 of 1,394

Leave A Reply

Your email address will not be published. Required fields are marked *