ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ධනංජය ද සිල්වා ඉල්ලා අස්වීමෙන් හිස් වූ පුරප්පාඩුව සඳහා නව ටෙස්ට් නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කර තිබේ.මෙම පත්කිරීමත් සමඟ ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලි සඳහා ශ්රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ ප්රධාන වගකීම කුසල් මෙන්ඩිස් වෙත පැවරී ඇත.

























