ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (01) සිය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය. මේ සඳහා වූ උත්සවය කොළඹ පිහිටි නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වුණු අතර, එහිදී නව නාවික හමුදාපතිවරයා වෙත නාවික හමුදාව විසින් විශේෂ සම්මාන ආචාර මුරයක් පිරිනමමින් උත්තමාචාර දැක්වීය.සම්ප්‍රදායික නාවික හමුදා ගෞරව මැද සිය නව ධුරයේ වැඩ භාරගත් වයිස් අද්මිරාල් ප්‍රනාන්දු මහතා, ඉදිරියේදී නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු සහ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් නායකත්වය ලබා දීමට නියමිතය. දශක ගණනාවක අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඔහු මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව සහ නාවික හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙනු ඇත.



























