ශිරන්ති රාජපක්ෂට හෘද සැත්කමක් අවශ්‍ය බවට වෛද්‍ය වාර්තාවක් අධිකරණයට

ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් ‘සිරිලිය සවිය’ සංවිධානයට රුපියල් මිලියන 10ක මුදලක් ලබාදීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ වෛද්‍ය වාර්තාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ අද (16) ඉදිරිපත් කෙරිණි.​කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ආවරණ ලිපියක් සහිතව මෙම වාර්තාව අධිකරණයට භාරදී ඇති අතර, ඇයට හෘද සැත්කමක් (Bypass surgery) සිදුකළ යුතුව ඇති බව එහි සඳහන් වන බව මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ස සඳහන් කළේය.​අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමකට අනුව, අදාළ වෛද්‍ය වාර්තාව පරීක්ෂා කර කරුණු දැක්වීම සඳහා නඩුවේ වැඩිදුර කටයුතු පස්වරු 2.45 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,382

Leave A Reply

Your email address will not be published. Required fields are marked *