සංවිධානාත්මක අපරාධ මැඩලීමේ මෙහෙයුම අනිවාර්යයෙන්ම ජයගන්නවා – ඇමති ආනන්ද විජේපාල

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා රජය ආරම්භ කර ඇති ජාතික මෙහෙයුම නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය. කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේ පැවති 83 වැනි පාඨමාලාවේ විසිරයාමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.​මෙම ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට සුවිශේෂී වගකීමක් පැවරී ඇති බව පැවසූ අමාත්‍යවරයා, විදේශ රටවල සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 70කට වැඩි පිරිසක් මේ වන විටත් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බවද කියා සිටියේය. මෙම විසිරයාමේ උත්සවයේදී පුහුණුව සම්පූර්ණ කළ පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකු සහ කොස්තාපල්වරුන් 27 දෙනෙකු සේවයට එක් වූහ.

What's your reaction?

Related Posts

1 of 1,432

Leave A Reply

Your email address will not be published. Required fields are marked *