ළමා අපයෝජන පැමිණිලි සම්බන්ධයෙන් නීතිය කඩිනම් කරමින් වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු මහජන පෙත්සමකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරුන් පිරිසක් අද දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිය සහයෝගය පළ කරමින් අත්සන් තබා තිබේ. තුෂ් වික්‍රමනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම කණ්ඩායම, අදාළ ගැටලුව කෙරෙහි රජයේ සහ වගකිවයුත්තන්ගේ අවධානය යොමුකරවා ගැනීම සඳහා අත්සන් 40,000ක් රැස්කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇත.මෙම අවස්ථාවට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටි අතර, ඒ අතර චමින්ද්‍රානි කිරිඇල්ල සහ රෝහිනී කවිරත්න යන මන්ත්‍රීවරියන් ද ප්‍රමුඛ විය. මෙරට දරුවන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මෙම පෙත්සම සඳහා සමස්ත විපක්ෂයේ මන්ත්‍රී මණ්ඩලයේ සක්‍රීය දායකත්වය මෙහිදී හිමිවිය.මෙම පෙත්සම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම, ඊට අදාළ කරුණු සහ පවතින නීතිමය ගැටලු පිළිබඳව විපක්ෂ නායකවරයා විස්තරාත්මකව දැනුවත් කිරීමට ද සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබුණි. ඒ අනුව, මීට පෙර විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ද “40000 කණ්ඩායම” විසින් මේ සම්බන්ධයෙන් වන මූලික සැලසුම් විපක්ෂ නායකවරයා වෙත නිල වශයෙන් ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.























