ඉන්දියාවේ සිට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ජාල හරහා මහා පරිමාණයෙන් සංවිධානය වූ කප්පම් ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) අනාවරණය කරයි. මෙම ජාවාරම්කරුවන් ප්‍රථමයෙන් ඉලක්කගත පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් අධ්‍යයනය කර, ඔවුන් සිය මිතුරු ලැයිස්තුවට එකතු කර ගනිමින් මෙම සැලසුම ක්‍රියාත්මක කරනු ලබයි.අනතුරුව සුරූපී තරුණියන්ගේ ඡායාරූප සහිත ව්‍යාජ ගිණුම් මාර්ගයෙන් “Hi” වැනි සරල පණිවිඩයක් එවා සමීප සබඳතාවක් ගොඩනගා ගැනීමට මොවුන් කටයුතු කරයි. දින කිහිපයක් ඇතුළත විශ්වාසය දිනාගැනීමෙන් පසුව, අදාළ පුද්ගලයාගෙන් සංවේදී හෝ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන, ඒවා හිතවතුන්ට යවන බවට තර්ජනය කරමින් මුදල් ලබාගැනීම මොවුන්ගේ උපක්‍රමය වී ඇත.මෙවැනි අන්තර්ජාල ජාවාරම්වලට හසුනොවන ලෙසත්, නොහඳුනන ගිණුම් හෝ අංකවලින් ලැබෙන මිතුරු ඇරයුම් සහ පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමේදී අතිශයින් සුපරීක්ෂාකාරී වන ලෙසත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.



























