2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රවල ඇති දෝෂ සංශෝධනය කර ගැනීම සඳහා අද (19) සිට නොවැම්බර් 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගතව (Online) අවස්ථාව ලබා දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.මෙහිදී පාසල් අයදුම්කරුවන්ගේ සංශෝධන අදාළ විදුහල්පතිවරුන් හරහා සිදු කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන්ට සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතයෙන් වෙබ් අඩවියට පිවිස නම, ලිපිනය, විෂයයන්, මාධ්‍ය සහ ස්ත්‍රී පුරුෂ භාවය යන තොරතුරු නිවැරදි කරගත හැකිය. දිවයින පුරා මධ්‍යස්ථාන 3,519කදී දෙසැම්බර් 08 සිට 17 දක්වා පැවැත්වෙන මෙම විභාගයේ ප්‍රවේශ පත්‍ර සංශෝධන කාලය යළි දීර්ඝ නොකරන බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.



























