සාමාන්‍ය පෙළ විභාග අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ ඊයේ (03) දින සිට ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ මෙම අයදුම්පත් කැඳවීමේ ක්‍රියාවලිය එළඹෙන 23 වැනිදායින් අවසන් වීමට නියමිත බවයි.​මේ අනුව, රජයේ සහ පිළිගත් පාසල්වල සිසුන් තමන්ගේ විදුහල්පතිවරුන් මාර්ගයෙන් ද, බාහිර අපේක්ෂකයින් පෞද්ගලිකව ද අදාළ උපදෙස් පරිදි නිවැරදිව අයදුම්පත් යොමු කිරීමට පියවර ගත යුතුය. නියමිත දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය වන අතර ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් සලකා නොබලන බවද දන්වා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,220

Leave A Reply

Your email address will not be published. Required fields are marked *