සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ජූනි මැදදී

2025/2026 වසර සඳහා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ජූනි මස මැද භාගයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි. විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මේ වන විටත් සාර්ථකව අවසන් කර ඇති අතර, ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ අනෙකුත් මූලික කටයුතු මේ දිනවල ක්‍රියාත්මක කෙරෙමින් පවතී.​පසුගිය පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,545කදී මෙම විභාගය පවත්වා තිබුණි. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 382,249ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 69,214ක් වශයෙන් සමස්ත සිසුන් 451,463ක් පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

What's your reaction?

Related Posts

1 of 1,157

Leave A Reply

Your email address will not be published. Required fields are marked *