සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා වන සුගීෂ්වර බණ්ඩාර මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ පාදයේ පවතින තුවාලයක තත්ත්වය තවදුරටත් වර්ධනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.​පසුගිය 21 වන දින ඔහුව මෙලෙස බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.​රජයේ ආයතන දෙකකින් එකවර වැටුප් ලබාගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.

What's your reaction?

Related Posts

1 of 1,296

Leave A Reply

Your email address will not be published. Required fields are marked *