රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා, අත්අඩංගුවේ පසුවන කාලය තුළ කිසියම් වද හිංසාවකට ලක්වී ඇත්දැයි සොයා බැලීම සඳහා පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.ඒ අනුව, අදාළ වෛද්‍ය පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව සකස් කෙරෙන නිල වෛද්‍ය වාර්තාව මීළඟ නඩු දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

























