සුරේෂ් සලේගේ පෙත්සමට අදාළ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන අතරතුර තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් පියවර අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කළ පෙත්සමට අදාළව, අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබන ලදී.​අදාළ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළේ එම තීන්දුව ලබන ඔක්තෝබර් 22 වනදා දක්වා කල් තබන බවයි.​මෙම පෙත්සම් ක්‍රියාවලියට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු හිමිවරුන් කිහිපනමක්, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,379

Leave A Reply

Your email address will not be published. Required fields are marked *