අනෝජන් සිවරාසාගේ නිදහස වෙනුවෙන් කැපවූ සැමට විපක්ෂ නායකගෙන් ස්තූතිය

සවුදි අරාබියේ සේවය කරමින් සිටියදී එරට අධිකරණයකින් මරණ දඬුවම නියම වී සිටි ඉංජිනේරු අනෝජන් සිවරාසා මහතාගේ දඬුවම අහෝසි කිරීමට සවුදි රජය පියවර ගැනීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සතුට පළ කර තිබේ. මෙම ජීවිතය බේරාගැනීමේ ක්‍රියාවලියට සක්‍රීයව දායක වූ සියලු පාර්ශ්ව වෙත ඒ මහතා සිය ගෞරවය සහ ප්‍රසාදය පිරිනමා ඇත.​විශේෂයෙන්ම අනෝජන් මහතාගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ නීතිඥ උපුල් කුමරප්පෙරුම යන මහත්වරුන් ඇතුළු නීතිඥ කණ්ඩායමටත්, ශ්‍රී ලංකාවේ සවුදි තානාපතිවරයා ඇතුළු නිලධාරීන්ටත් විපක්ෂ නායකවරයා විශේෂයෙන් ස්තූති කර සිටියේය. එමෙන්ම මෙම කර්තව්‍යය වෙනුවෙන් තමන් ඇතුළු පිරිසද උපරිමයෙන් මැදිහත් වූ බවත්, අවසානයේ ඔහුගේ ජීවිතය රැකගැනීමට හැකිවීම මහත් සහනයක් බවත් හෙතෙම සඳහන් කළේය.​මීට අමතරව, අදාළ සාධාරණ තීන්දුව ලබාදෙමින් මානුෂීය ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් සවුදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණයට සහ සවුදි රාජ්‍ය නායකත්වයටද සිය කෘතඥතාව හිමිවන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,378

Leave A Reply

Your email address will not be published. Required fields are marked *